සන්නිවේදනයේ සම්භවය පිළිබදව නිශ්චිතව සදහන් කළ නොහැකිය. ඓතිහාසික සොයා ගැනීම් වලට අනුව ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ පටන්ම සන්නිවේදනය ලෝකයේ පැවතී ඇත. සන්නිවේදනය හා මිනිසා යනු එකිනෙකින් ව්‍යුක්ත කළ නොහැකි සංකල්පයන් වන බව ඒ අනුව පැහැදිළිය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීම සදහා ස්වභාවධර්මය ඇසුරේ සාම්ප‍්‍රදායික ක්‍්රම යොදාගත්හ. සාමූහිකව ජීවත් වීමේදී පරිසරය ජය ගැනීමට නම් අන්තර්පුද්ගල සන්නිවේදනයේ අවශ්‍යතාව ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසාට පැවතුණි. මානව පරිණාමයේ කවර යුගයක වුවද සන්නිවේදනය මිනිසාට අත්‍යාවශ්‍ය මෙවලමක් විය.
මීට වසර දහස් ගණනකට පෙර සිටම මිනිසාට සන්නිවේදනයේ වැදගත්කම හදුනාගත හැකිවිය. එය මේ වන විට ඔප්පු වී ඇති වාර්තාගත සාක්ෂි මගින් එය තහවුරු වේ. මානව පරිණාමයත් සමග මිනිසා ජෛව විද්‍යාත්මකව වෙනස්වීමෙන් ස්වකීය ශක්‍යතා වර්ධනය වීමත් සමග සන්නිවේදන අවශ්‍යතාද සංකීර්ණ විය. එයට ගැලපෙන ලෙසට සන්නිවේදන ක්‍්‍රමවේදයන්ද විකාශනයට ලක්විය.
සාම්ප‍්‍රදායික මාධ්ය භාවිතා කළ මානවයා ස්වකීය වෙනස්වන අවශ්‍යතා වලට ගැලපෙන ලෙස ස්වභාව ධර්මය වෙනස්කර ගැනීමෙහි ප‍්‍රතිඵලයක් ලෙසට ජන මාධ්‍යය බිහිවිය. ස්වභාවයෙන්ම සමාජයීය සත්ත්වයෙක් වන මිනිසාගේ සාමූහික සන්නිවේදන අවශ්‍යතා සංහතික මාධ්‍ය වන පැරණි මාධ්‍යයන්ගෙන් ඉටු විය.
.මානව වර්ගයාගේ සමාජ පරිණාමයේ නිෂ්චිත යුගයක් නියෝජනය කරමින් 17 වන සියවසේදී බිහිවූ නූතන මාධ්‍ය ක්‍්‍රමාණුකූලව වර්ධනය වී වර්තමානය වන විට එය ගෝලීය ව්‍යුහයක් දක්වා වර්ධනය වී ඇත. එයට පුවත්පත්, සගරා, වාර ප%කාශන. ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය ඇතුළත් වන අතර ඒවා සංහතික මාධ්‍ය ලෙසද හදුන්වයි යනුවෙන් අචාර්ය ටියුඩර් වීරසිංහයන් සදහන් කරයි.
20 වන සියවසේදී තාක්ෂණික විප්ලවයන්ගේ දෝලනයන්ට සංහතික මාධ්‍යයන්ද ලක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස තොරතුරු යුගයක ජීවත් වන මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා වඩාත් සංකීර්ණ විය. එම සංකීර්ණ සන්නිවේදන අවශ්‍යතා වලට ගැලපෙන බහුකාර්යය මාධ්‍යයන් ආගමනය සිදුවිය. නව මාධ්‍යයේ ආගමනය සමස්ථ සන්නිවේදන මාධ්‍යයන්ගේ මෙන්ම ග‍්‍රාහකයාගේ සන්නිවේදන වෙනස්කම් සදහා සෘජු බලපෑම් එල්ල කරන ලදී.
සන්නිවේදන මාධ්‍යයන්ගේ කාර්යය හුදු තොරතුරු සම්පාදනයට පමණක් සීමා නොවී විනෝදාස්වාදය , ව්‍යාපාර , ක්‍්‍රීඩා , සෞඛ්යය , නිර්මාණ ආදී විවිධ ක්ෂේත්ර ඔස්සේ පුළුල් විය. නව මාධ්ය ආගමනය සංවර්ධිත රටවල පමණක්ම නොව ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සන්නිවේදනයටද බලපා ඇත. භූගෝලීය සීමා අතික%මණයට හා කාලය හා අවකාශය අතර දුර සංකෝචනයට නව මාධ්ය සතු ශක්‍යතාවය නව මාධ්‍ය වේගයෙන් ලෝකය වෙලා ගැනිමට ප‍්‍රධාන හේතුවකි.
නව මාධ්ය යනු තොරතුරු හා විනෝදාස්වාදය සම්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා රූපවාහිනිය පුවත්පත වැනි සාම්ප‍්‍රදායික ක්‍්රම මගින් වෙනුවට පරිගණකය හෝ අන්තර්ජාලය භාවිතයෙන් සම්පාදනය කිරීමයි.
ඒ අනුව නව මාධ්ය මගින් පැරණි මාධ්‍ය ග‍්‍රාහකයාට ලබාදුන් මාධ්‍ය භාණ්ඩ හා සේවා නව ආරකින් ලබා දීමට සමත්ව ඇත. සාම්ප‍්‍රදායික මාධ්‍ය හා පැරණි මාධ්‍ය පටු කර තැබූ ග‍්‍රාහක ක්ෂේත්රය පුළුල් කර ලීමට නව මාධ්යය සමත්ව ඇත. නව මාධ්ය හදුන්වා දී කෙටි කාලයකින් අධිවේගයෙන් දියුණු වූ මාධ්‍යකි. තොරතුරු යුගයක ජීවත් වන මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා පැරණි මාධ්යයට වඩා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට නව මාධ්යට හැකියාව ඇත. මාර්ෂල් මැක්ලූහන් විසින් ලොවට හෙළි කල විශ්ව ගම්මාන සංකල්පය වැනි ගෝලීය තත්වයන් කරා සන්නිවේදනය මෙහෙය වීමට නව මාධ්ය සමත්ව ඇත.
අනුව නව මාධ්‍යයේ සුවිශේෂ ලක්ෂණ පහකි. එනම්
x අංකිතකරණය
x අභිසාරීතාවය
x අන්තර්ක්‍්‍රියාකාරීත්ව
x අධිවේගීත්වය
x තාත්විකභාවය
වේ.
නව මාධ්‍යයේ මෙම පස් වැදෑරුම් ලක්ෂණ අතර වත්මන් මාධ්ය ක්ෂේත‍්‍රයේ මාධ්ය අභිසාරීතාවය යන්න වැඩි අවධානයට ලක්ව ඇති මාතෘකාවකි. අභිසාරීතාවය යන වදන ලතින් භාෂාවේ යන වදනින් බිදී ආ වදනක් වන අතර එහි අදහස එකට එක්ව පැමිණීම යන්නයි.
1970 දශකයේදී යන ශාස්ත්රඥයා සන්නිවේදන තාක්ෂණය මගින් එකිනෙකට වෙන්ව පවතින කර්මාන්ත තුනක් අතිෙඡ්දනය වී මාධ්ය අභිසාරීතාවය සැකසෙන ආකාරය පිළිබදව අදහස මුලින්ම ඉදිරිපත් කරන ලදී. එනම් විද්‍යුත් ප‍්‍රචාරණ කර්මාන්තය , පරිඝණකය , පුවත්පත යන කර්මාන්ත අතිච්ෙඡ්දනයයි. 1980 දශකයේ හෙන්රි ජෙන්කින්ස් ගේ අභිසාරී සංස්කෘතිය නම් කෘතිය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග මාධ්ය අභිසාරීතාවය පිළිබද ලෝකයේ අවධානය වර්ධනය විය.
බහුමාධ්ය වේදිකා ඔස්සේ සන්දේශ ප‍්‍රවාහණය කිරීම අභිසාරීතාවයේ මූලික ලක්ෂණයයි. එනම් සරලව කිවහොත් වෙන්ව පැවති මාධ්ය කිහිපයක් එක්ව සන්නිවේදන කටයුතු කිරීමයි.
”මාධ්ය අභිසාරීතාවය යනු තොරතුරු ඒකරාශී කිරීම හා බෙදා හැරීම සදහා විවිධ උපකරණ හා මෙවලම් ඒකරාශී විමයි” යනුවෙන් හෙන්රි ජෙන්කින්ස් පවසයි. වර්තමානය වන විට සංහතික මාධ්ය හා සංහතික සන්නිවේදන ක්ෂේත‍්‍රයේ අපට දක්නට ලැබෙන මූලික ප‍්‍රවණතාවක් වන්නේ නූතන මාධ්ය හා නව මාධ්ය අතර සිදුවන අන්තර් ක්‍්‍රියාකාරීත්වය අන්තර් විනිවිදභාවය සහ අනෞන්ය සම්බන්ධතාවයි. මේ යටතේ සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික සහ තාක්ෂණික පද්ධති, මාර්ග ඒකීය සමස්තයක් ලෙස නිර්මාණය වීම සිදුවේ. මෙය ක්‍්‍රියාවලියක් වන අතර, එය අභිසාරීතාවය ලෙස හදුන්වයි ලෙස ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වා දෙයි.
මාධ්ය අභිසාරීතාවය මාධ්ය ඉතිහාසයේ ග‍්‍රාහකයාට මෙන්ම සන්නිවේදකයාට අභියෝගාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස හැදින්විය හැකිය. ලාභදායී භාවය හා තාක්ෂණයේ පහසුභාවය වැනි සාධක අද වන විට මාධ්ය අභිසාරීකරණය වෙත පොළඹවන සාධක බවට පත්ව ඇත. මාධ්ය කිහිපයක් වෙත විස්තීර්ණව පැවති සම්පත් එක් මාධ්‍යයක් වෙත සංකේන්ද්රණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙසට අභිසාරී මාධ්‍යයේ ගුණාත්මක භාවය වැඩි වීම ග‍්‍රාහකයා මෙන්ම නිෂ්පාදකයා අභිසාරීකරණය වෙත ආකර්ෂණය කර ගනියි.
අභිසාරීතාවය හේතුවෙන් මිනිසුන්ට පුවත් අවශ්ය අවස්ථාවලදී සහ මාධ්ය සමග මුසුව සිටින අවස්ථාවලදී සහ මුද‍්‍රිත යන කවර මාධ්‍යකින් හෝ ප‍්‍රවෘත්ති ලබාගත හැකි වීම විශේෂ ප‍්‍රතිලාභයකි.
නව මාධ්යය හරහා මාධ්ය අභිසාරී වීමෙන් පැරණි මාධ්‍යයේ ඇති අපසාරීභාවය නිසා ඇති වූ විවිධ දුර්වලතා මගහැර ගැනීමට හැකියාව අත්ව ඇත. අන්තර්ක්‍්‍රියාකාරීත්වය පහසු බව හා අවකාශය පුළුල් වීම හේතුවෙන් නව මාධ්ය හරහා අභිසාරී වීමට මාධ්ය වැඩි නැඹුරුතාවයක් දක්වයි. එසේම ශබ්ද , රූප , සංඥා යන කවර රූපාකාරයකින් වුවද තොරතුරු සම්පේ්රෂණයට නව මාධ්ය සතු ශක්‍යතාවය මේ සදහා තවත් උත්පේ‍්‍රරකයකි.
ඩිජිටල් නෙට්වර්ක් හී ශබ්ද , පාඨ , රූප අතර වෙනසක් නොමැත. ඒ සියල්ල සහ ලෙස සම්පේ්රෂණය කරන අතර ඇනලොග් ලෙස විකාශනය කරයි.නව මාධ්ය අභිසාරී වීමේ ප‍්‍රතිඵලයක් ලෙසට නව මාධ්‍යයේ තිබූ ශක්‍යතා තව දුරටත් වර්ධනය වී ඇත. අභිසාරීතාවය හේතුවෙන් නව මාධ්යය ග‍්‍රාහකයාගේ මෙන්ම නිෂ්පාදකයාගේ කාර්යයන් පවා වෙනස්වීමට ලක්ව ඇත. ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යාවන්ගේ වෙනස්කම් කෙරෙහි නව මාධ්ය විවිධ අයුරින් බලපා ඇත.
සයිබර් අවකාශය තුළ අපි සංවාද කරන්නෙමු. විවාද කරන්නෙමු. බුද්ධිමය සබදතා වල නිරත වන්නෙමු. සැලසුම් සකස් කිරීමෙහි , ව්‍යාකූලතා ඇති වීමෙහි, ඕපාදුප , වෛරයන් ,පේ‍්‍රමයෙන් වෙලීම්, මිතුරන් සෙවීම සහ අත් හැරීම, ක්‍්‍රීඩා වල නිරත වීම, උසස් කලාවන් වල නිරත වීමේ සිට වැඩකට නැති කතාබහ දක්වා පිරිසක් එකතු වූ විට කරන්නෙමු. අප එය සිදු කරන්නේ අපගේ සිරුර සහ තිරයේ සටහන් වන වචන මගිනි.” යනුවෙන් රේන්ගෝල්ඕ වරෙක සදහන් කර තිබේ.
පැරණි මාධ්යයට වඩා නව මාධ්ය නම්‍යශීලී මාධ්‍යයකි. එමනිසා නව මාධ්ය තුළට ග‍්‍රාහකයා වේගයෙන් අන්තර්ග්රහණය වේ. පැරණි මාධ්‍යයේ ශක්‍යතා අභිබවා ගිය නව මාධ්‍යයේ සන්දේශ නිර්මාණයට ග‍්‍රාහකයාට වඩා හොද අවස්ථා හිමි වේ. එය ග‍්‍රාහකයාගේ සන්නිවේදන අන්තර්ක්‍්‍රියා වර්ධනය වීමට හේතු ප‍්‍රත්‍යයක් ව ඇත. අන්තර්ජාලයේ ඇති නොයෙක් සන්නිවේදන ජාල මගින් විවිධ පහසුකම් එකවර ලබාගත හැකි වීම නව මාධය අභිසාරීකරණයේ ප‍්‍රතිඵලය. අප අතැති ජංගම දුරකථනය මගින්ද අපට අන්තර්ජාලයට පිවිසීම, දුරකතන ඇමතුම් ලබාගැනීම, විවිධ දේවල් හුවමාරු කර ගැනීම සදහා වැඩි අවස්ථා ගණනක් නව මාධ්ය අභිසාරීකරණයේ ප‍්‍රතිඵල ලෙස හිමිව ඇත.
මෑත කාලීනව අභිසාරීකරණයට ලක් වූ මාධ්ය භාණ්ඩ හා සේවා වෙළදපළට නිකුත් විය. ශ‍්‍රී ලංකාවේද මෙම අභිසාරීකරණයට ලක් වූ භාණ්ඩ වේගයෙන් ව්‍යාප්ත විය. රූපවාහිනී යන්ත්ර බහු කුසලතා සහිත ජංගම දුරකතන යන නව මාධ්ය ඒ අතර වේ. මෙම මාධ්‍යයන් භාවිතා කරනු ලබන ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යා කෙරෙහි එම මාධ්‍යයන්ගේ අභිසාරීතාවයද හේතු වී ඇත.
අභිසාරීකරණය වූ නව මාධ්යය සන්දේශ නිර්මාණයට දායක විම සදහාත් අන්තර්පුද්ගල සන්නිවේදනය සදහාත් ග‍්‍රාහකයාට වැඩි අවස්ථා ප‍්‍රමාණයක් හිමි කර දෙයි. ග‍්‍රාහකයාට අභිමත පරිදී තෝරාගත් මාධ්‍යයක් ඔස්සේ සන්නිවේදනයට අවකාශය ලැබීමත් නව ප‍්‍රවණතාවයකි. පෙර භාවිත කළ සන්නිවේදන ක්‍්‍රමයන්ගෙන් ඔබ්බට ගොස් නව සන්නිවේදන ක්‍්රම අත්හදා බැලීමේ අවකාශය අභිසාරී වූ නව මාධ්ය හරහා ග‍්‍රාහකයාට හිමිවේ. එසේම ජර්ගන් හබර්මාක්ස් විසින් ලොවට හදුන්වා දුන් මහජන අවකාශය වැනි සංකල්ප මාධ්ය අභිසාරීකරණය හරහා වර්ධනය වී පොදු සාකච්ඡුුා මණ්ඩප නිර්මාණය කරයි.
තොරතුරු යුගයේ ග‍්‍රාහකයාට බොහෝ පහසුකම් ලැබී ඇත. සමාජ දේශපාලන ස්වරූපයන්ගේ සමාන නියෝජනයකට අවස්ථාව හිමිව ඇත. දඩයම් යුගයේ රැුුස්කරන්නන් හා දඩයම්කරුවන් අතර යහපත් අනෞන්ය සබදතාවක් නොවීය. ඔවුන් සවිඥාණික වූයේ භූමිය පිළිබදව පමණි. පුරුෂයාගේ, ස්ත‍්‍රියගේ . ළමයාගේ කාර්යයන් වෙන් කිරීම හරහා ඔවුන් සීමා කර තැබීය. ඉලෙක්ට්‍රෝනික යුගයේ දඩයම් කරුවන් හා රැුුස්කරන්නන් සමාන වී ඇත. ඔවුන්ට එකම වේදිකාවක් තුළ සංවාද කිරීමේ අවකාශය මාධ්ය ම`ගින් සැලසී ඇත
ඒ අනුව නූතන මාධ්ය තාක්ෂණය මගින් සමාජ භූමිකා පවා වෙනස් කොට පොදු සාකච්ඡුුා ස`දහා අවකාශය සලසා ඇත. අළුත් වන තාක්ෂණය විවිධ සමාජ කණ්ඩායම් වලට අනන්ය බලපෑම් එල්ල කරයි. නවීන තාක්ෂණය භාවිතයට තරුණ ප‍්‍රජාවගේ ඇති නැඹුරුව හේතුවෙන් අභිසාරී නව මාධ්යය වැඩි වශයෙන් සංකේන්ද්රණය වී පවතින්නේ තරුණ ප‍්‍රජාව මතයි. සන්නිවේදනයේ නවීකරණයන් නූතන තරුණ ප‍්‍රජාව ඉක්මනින් ග්රහණය කරගනී. 2013 වසරේදී කළ සමීක්ෂණයට අනුව ලෝකයේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර වයසේ තරුණ ප‍්‍රජාවගෙන් 93% ක්ද 18 ත් 29 ත් අතර තරුණ ප‍්‍රජාවගෙන් 74% ක්ද අන්තර්ජාලය භාවිතා කරති. නව මාධ්ය අභිසාරීකරණයට ලක් වීම හේතුවෙන් තරුණ ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යාවන්ගේද වෙනස්කම් රැුසක් ඇතිව ඇත. සන්නිවේදනය සදහා නිර්වාචික සන්නිවේදනය ප්රබලව යොදා ගැනීම , සන්නිවේදනය සදහා පොදු භාෂාවක් නිර්මාණය කර ගැනිම , සංඥා හා සංකේත කෙරෙහි වැඩි වශයෙන් යොමු වීම වැනි විවිධ වෙනස්කම් තරුණ ග‍්‍රාහක ප‍්‍රජාවගේ සන්නිවේදන චර්යාවන්ගේ දැක ගත හැකිය.අන්තර්ජාලය භාවිතා කරන්නන් එකිනෙකා අතර සන්නිවේදනයට නිර්වාචික සන්නිවේදන උපක්‍්රම ප‍්‍රමාණවත් නොවන අවස්ථා වලදී ඔවුන්ටම සුවිශේෂී සන්නිවේදන භාෂාවන් හා රටාවන් භාවිතයට ඇබ්බැහි වී සිටිති.
ඒ අනුව නව මාධ්ය භාවිතා කරනු ලබන ග‍්‍රාහකයන් තමන්ට ආවේණික වූ සන්නිවේදන රටාවකට අනුගත වී ඇති ආකාරය පැහැදිළිය. රාවෝ දක්වන පරිදී අභිසාරීගත මාධ්‍යජාල භාවිතා කරනු ලබන ග‍්‍රාහකයින් විවිධ ප‍්‍රධාන භූමිකා රග දක්වයි. ඒ අනුව අභිසාරීගත මාධ්‍යයේ සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර පරතරය සංකෝචනය වෙමින් පවතී. ග‍්‍රාහකයා මේ වන විට නව මාධ්ය හරහා පුරවැසි මාධ්‍යවේදයට යොමු වී ඇත. අභිසාරීගත නව මාධ්‍යයේ බහු මාධ්ය හැකියාව පුරවැසි මාධ්යකරණය පහසුකොට ඇත. වර්තමානයේ පුරවැසිමාධ්යකරණය අන්තර්ජාලය මූලික කොටගෙන සිදුවේ.
ප‍්‍රවෘත්ති හා තොරතුරු එකතු කිරීම, වාර්තා කිරීම, විශ්ලේශනය කිරීම සහ බෙදා හැරීම යන කාර්යයන් සදහා මහජනයා සක්‍්‍රියව දායක වීම පුරවැසි මාධ්‍යවේදය වේ. අන්තර්ජාලයේ වැඩි වශයෙන් තොරතුරු හුවමාරුව හරහා පුරවැසි මාධ්‍යවේදයේ යෙදෙනුයේ තරුණ පිරිසයි.
ඉහත කරුණු අනුව පැහැදිළි වන කාරණය නම් නව මාධ්ය අභිසාරීකරණයට ලක් වීම නිසා ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යාවන් වෙනසකට ලක් වෙමින් ඇති බවයි. එසේම නව මාධ්ය සමගින් වැඩි වශයෙන් ගණුදෙනු කරනු ලබන තරුණ ප‍්‍රජාවගේ මෙම වෙනස්කම් කෙසේ සිදුවී ඇත්ද, එම වෙනස්කම් මොනවාද , ශ‍්‍රී ලංකාවේ තත්වය කෙසේද වශයෙන විමසීමට ලක් කළ යුුතු බවත්ය.
හෙන්රි ජෙන්කින්ස් අභිසාරී සංස්කෘතිය කෘතිය අභිසාරීතාවය පිළිබදව මුළු ලෝකයේම අවධානය යොමු කිරීමෙන් පසුව ඒ පිළිබ`ද අධ්යයන ක්ෂේත්රය පුළුල් විය. අභිසාරීතාවයේ තාක්ෂණික ස්වරූපය පිළිබදව ලෝකයේ විවිධ මට්ටමේ පර්යේෂණ ඉන්පසුව සිදු විය. අභිසාරීතාවය මාධ්ය ක්ෂේත‍්‍රයේ ඇති කොට ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබද විවිධාකාර අදහස් විවිධ පුද්ගලයන් දක්වා ඇත. නමුත් මාධ්ය අභිසාරීතාවය ග‍්‍රාහකයාට බලපාන අකාරය පිළිබ`දව සිදුව ඇති අධ්යයන ක්ෂේත‍්‍රයන් ප‍්‍රමාණවත් නොවේ.ඒ පිළිබදව පළකොට ඇති අදහස් පවා විරලය. මාධ්‍යයේ ග‍්‍රාහක බලපෑම් පිළිබ`දව කියවීමට ඇති ක්ෂේත්රය පවා පටුය.
නවමාධ්‍යයේ සන්නිවේදන චර්යාවන් හේතුවෙන් වර්තමානයේ සමස්ත ලෝකය පුරා විවිධාකාර සමාජ ගැටළු ඇතිවී ඇත. සමස්තයක් ලෙස ගත්විට නව මාධ්ය හේතුවෙන් පැනන`ගින ගැටළු වැඩි වශයෙන් නි්ර්මාණය කරනුයේ තරුණ ප‍්‍රජාවයි. මතුපිටට නොපෙනුනද මාධ්ය අභිසාරීකරණයට පත්වීමද මේ සදහා යම් මට්ටමක දායකත්වයක් සපයයි. නවමාධ්ය සන්නිවේදනය හේතුවෙන් ඇති වී ඇති ගැටළු අවම කිරීමෙහි ලා නවමාධ්‍යයේ සන්නිවේදන ස්වරූපය අවබෝධ කරගැනීම අත්‍යාවශ්යය. එහිදී අභිසාරීකරණය හේතුවෙන් නව මාධ්ය ග‍්‍රාහකයන්ගේ ඇති වී ඇති සන්නිවේදන චර්යාත්මක වෙනස්කම් පිළිබ`ද අවබෝධය වැදගත්ය.
නව මාධ්‍යයේ අභිසාරීගත ක්‍්‍රියාකාරීත්වය නිසා ශ‍්‍රී ලාංකේය ග‍්‍රාහක සන්නිවේදන චර්යාවන්ගේ ඇති වී ඇති වෙනස්කම් පිළිබ`දව ප‍්‍රමාණවත් අධ්‍යයනයක් මෙතෙක් ශ‍්‍රී ලංකාව තුළ සිදු වී නොමැත. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් අනාගත මාධ්ය ක්ෂේත‍්‍රයේ ඇතිවන වෙනස්කම් වඩා ඵලදායී ලෙසට ඉටු වීමට නම් මාධ්ය වෘත්තිකයන් නව මාධ්ය ප‍්‍රවණතා ග‍්‍රාහකයන් අන්තර්ග්රහණය කර ගන්නා ආකාරය පිළිබ`දව දැනුම්වත්ව සිටිය යුතුය.
නව මාධ්‍යයේ ස්වභාවය හා නව මාධ්‍යයේ ග‍්‍රාහක බලපෑම් පිළිබ`දව ශ‍්‍රී ලාංකේය ජනතාව තුළ යම් මට්ටමක අවබෝධයක් තිබුණත් අභිසාරීගත නව මාධ්ය පිළිබදවද ප‍්‍රමාණවත් කථිකාවතක් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වී නොමැත. මාධ්ය අභිසාරීකරණය පිළිබද සිංහල භාෂාවෙන් ලියවුණ පොත්පත් පවා නොමැත. අභිසාරීගත නව මාධ්‍යයේ ඇති වාසිදායක තත්වයන් පිළිබදව ජනතාව නොදැනුවත්ය. ස්වකීය සන්නිවේදන අවශ්‍යතා අභිසාරීගත නව මාධ්ය ඔස්සේ වඩා ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටුකර ගතහැකි බවට ඔවුන්ගේ අවබෝධයේ ක්ෂේත්රය පුළුල් කළ යුතුය.