සොහොයුරු පෙම





















මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්...........

නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක් තරම් වටිනවා. සමහර වෙලාවට මුලු ලෝකයක් තරම් වටිනවා මොකද අයියා කියන්නේ මහ විශාල වෘක්ෂයක් නම් ඒ වෘක්ෂය යට පැළවෙන පුංචි පැළයක් තමයි නංගි. ඒ වෘක්ෂය සෙවණේ පෝෂණය වන ආරක්ෂාව ලබන පුංචි පැළය දවසක මහ විශාල වෘක්ෂයක් වෙනවා. හැබැයි එතකොට සමහර වෙලාවට අර හෙවණ දීපු මහ වෘක්ෂය ලග නැති වෙන්න පුලුවන්. ඒත් එන  ඕනෑම සුළි කුණාටුවකට ඔරොත්තු දීලා කෙළින් ඉන්න පුංචි පැළයට මහ වෘක්ෂයක් වෙලා පුළුවන්. ඒ වගේ ම තමයි අයියගෙ ආදරය නංගිට ඒක කවදාවත් මෙහෙමයි කියන්න බෑ. ඒ තරම්ම ආදරණියයි. වෙලාවකට හරිම රළුයි. පිටට පෙන්නන්නෙත් නෑ.  හරි ආඩම්බරයි ඒත් හදවත ඇතුලේ මහ ගොඩක් ආදරය හැංගිලා තියනවා. නංගි ඒක දන්නවා. පුංචි පැළයක් වගේ ඉන්න නංගි මහ වෘක්ෂයක් වගේ ලගින් ඉන්න අයියගෙ දිහා බලාගෙන ටිකෙන් ටික ලොකු වෙනවා. ජීවිතේ යන්න  ඕන හරි පාර හැමවෙලේ ම අයියා නංගිට කියලා දෙන්නේ දැනුම් තේරුම් එන වයසෙදිමයි. අයියගෙ ආදරෙත් හරියට මහ සමුදුර වගේ හරිම නිශ්චලයි. හැබැයි ගැඹුරුයි. පරක් තෙරක් නෑ .නංගිගේ පුංචි වෙනස්වීමක් පවා අයියට දරාගන්න අමාරුයි. ඒ වෙලාවට නම් කේන්තියෙන් බණිනවා. නංගි ඇස්වල කදුළු පුරෝගන්නකම් ම බණිනවා. ඒත් ටික වෙලාවකින් ඇවිත් බලන්නේ හොරෙක් වගේ. කෙහොමින් හරි අයියා වචනයක් කතා කරපු ගමන් නංගිගේ මුණේ හිනාව දෝරෙ ගලනවා. 


මේ ලෝකේ සහෝදර බැඳිම්  ඕන තරම් තියනවා. ඒත් අයියගෙයි නංගිගෙයි බැඳීමේ විශේෂත්වයක් තියනවා කියලා හිතෙනවා. නංගිට තාත්තා ඇරුණම මේ ලෝකේ ඉන්න වැඩියෙන් ම සමීප පිරිමියා වෙන්නේ අයියා. අයියගේ දිහා බලලා තමයි නංගි ලෝකයා දිහා බලන්නෙ. අයියගෙ ලෝකෙ තියන බැරූරුම් ප‍්‍රශ්නවලට උත්තර දෙන්න නංගිට බැරි වුණාට ළගින් ඉදන් හයියක් වෙන්න නංගිට පුළුවන්. අයියගේ ප‍්‍රශ්නයක් පැය ගාණක් වුණත් අහන් ඉන්න නංගිට පුළුවන්. ඒ තරම්ම මේ බැදීම ආදරණියයි.සමීපයි.කාලයත් එක්ක අපේ ජීවිතවලට අළුත් අය එකතු වෙනවා. අයියගේ ලෝකෙටත් එහෙම කෙනෙක් ආපු දවසට අයියා පොඞ්ඩක් නංගිගෙන් ඈත් වෙනවා. එතකොට නම් නංගිට දැනෙන්නේ පුංචි ඉරිසියාවක් දුකක්. ඒත් ඉතින් කාලයක් යනකොට නංගිට තේරෙනවා අයියගේ හිතේ නංගිගෙ තැන තාමත් හරි පරෙස්සමෙන් තියනවා කියලා.


මේ ලෝකේ හැම අයියා කෙනෙක් ම නංගි කෙනෙක් ම මේ තරම්ම ආදරණිය නොවෙන්න පුළුවන්. කාර්යබහුලත්වයත් එක්ක ඒ බැඳීම් දුරස් වෙන්න පුළුවන්. ඒත්  එහෙම නොවෙන්න වගබලා ගන්නවා නම් හරිම ආදරණිය මිනිසුන් බිහි වේවි. නංගිට හැම වෙලේ ම තමන්ගෙ ලෝකයේ දිනුම් කණුව වෙන්නේ අයියා. අයියගෙ ලෝකෙ සතුටින් නම් නංගිගේ ලෝකෙත් ලස්සන වෙනවා.අයියගෙයි නංගිගෙයි ආදරය ඒ තරම්ම ශක්තිමත්. අයියට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැ කියලා තමයි නංගි හිතන් ඉන්නෙ. නංගිගේ ලෝකේ වීරයා වෙන්නෙ අයියා.


සහොදරයෙක් විතරක් නෙවෙයි තාත්තා කෙනෙක් හොදම යාලුවෙක් වගේ ලගින් ඉන්න අයියා ගැන නම් කියලා නිම කරන්න බැරි තරම්. ටිකක් දුරස් වෙලා ඉන්න මොහොතක අයියා ගැන මෙහෙම ලියන්න හිතුනත් කවදාවත් ලියලා නිම කරනන් බැරි ආදරණිය චරිතයක් තමයි අයියා. හැමදාමත් නංගිගේ හදවතේ හරි ලස්සන තැනක අයියගේ හිනා පිරිච්ච මූණ ඇඳිලා තියේවි හරිම ආදරණීය විදියට...........
                                                                                                                         උදේශි..


තාරුණ්‍යය












තාරුණ්‍යය යනු

තරුණ තරුණියන් යනු මානව සමාජයේ සිටින්නා වු ඵක් ප්රවර්ගයකි.ඔවුන් පිළිබදව අපි සමාජ විද්යාත්මක දෘශ්ඨිකෝණයෙන් බැලිය යුතුය.මෙම තරුණ තරුණියන් යනු මානව සමාජයේ සිටින කණ්ඩායමක් තවත් කණ්ඩායමක් හැදින්වීම යොදන නමකි.එය භාෂාමය ප්රවර්ගයකි.

ළමා අවධිය පරිපූර්ණ භාවයෙන් වර්ධනය වෙත්ම තරුණ තරුණියන් සමාජය තුළ තම අනන්යයතාවය ගොඩ නගා ගැනීම උත්සාහ දරයි.ජීවිතයේ කුණාටු සමය තාරුණ්යය යි.සමාජ සමූහ වල යෞවනයන් තම ආධිපත්ය සෙවීම උත්සාහ දරයි.එහිදී ඔවුන් තම අනන්යයතාවය සම්බන්ධ ගැටලු මතු වේ.තාරුණ්යය කුලය,වර්ගය,පන්තිය,ආගම,සදාචාරය හා සමාජ සන්දර්භය තුළ වෙනස් වේ.ජීව විද්යාත්මක ලෙස ගැහැණු ළමයකු නම් ඔසප් වීම ආරම්භය ත් පිරිමි ළමයකු නම් ස්වප්න මෝචනය,උගුරු ඇටය නෙරා ඒම සිදු වේ.
අප්රිකානු සමාජයේ මල්වර වූ විගස කාම සම්භෝගයේ යෙදීම සුදුසු කම් ලබයි.අප වැනි රටවල මෙම තත්වය වෙනස් වේ.අප සමාජ වල යෞවන කාලය දිගුය.බටහිර සමාජ වල දයෞවන කාලය දිගුය.විවාහ වන වයස  ඉහළ .කාම සම්භෝගයේ යෙදීම අමතර වෙනත් පිළිවෙත් ආයතන කරා යොමු වේ.ඉන්දියානු,අප්රිකානු සමාජ වල යෞවන කාලය කෙටිය.අතීත ඉන්දියාවේ මලබාර් වල ජීවත් වූ නාගර් වර්ගයේ පුද්ගලයන් ප්රේම වන්තයන් ගනනාවක් සිටිය හකිය.

තාරුණ්‍යය  යන්නට නිර්වචන
තාරුණ්යය යන්නට නිශ්චිත නිර්වචන නොමැත.නමුත් එය අවබෝධ කර ගැනීමට විවිධ අර්ථකතන යොදා ගත හැකිය. අතර, එක්සත් සංවිධානය අනුව, අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින අය තරුණ තරුණියන් වේ. නමුත් ලංකාව වැනි රටවල මෙම තත්වය වෙනස් වේ.එය බොහෝ විට අවුරුදු 18 සිට පටන් ගනී.බටහිර රටවල සංස්කෘතික රටාව අනුව මෙම වයස් කාණ්ඩය 13-15 සිට ආරම්භ වේ. ලෝක බැංකුව අනුව, පුද්ගලයෙකු ගේ ජීවිතය ළදරු විය හා වැඩිහිටි විය අතර ඇති කාලය තාරුණ්යය ලෙස නිර්වචනය කර තිබේ.අවුරුදු 18-29 ත් අතර වයස් කාණ්ඩයේ සිටින අය තරුණ තරුණියන් ලෙස හදුන්වා දී තිබේ. සාමාන්යයෙන් තරුණ විය යනු, වයස අවුරුදු 18-33 ත් අතර පවත්නා කාලයයි.පුද්ගලයාගේ වර්ධනය මානසික,කායික,සංස්කෘතික වශයෙන් වේ.

පරාරෝපණය හා යෞවනය
ජීවන මගේ එක් අවස්ථාවක් වන යෞවන අවදිය පුද්ගලයන් ගෙ තවත් පරාරෝපණ අවදියක් වේ.  යන පුද්ගලයා පවසුවේ ජීවන මගේ යෞවන අවදිය මූලිකවම ඇති අතර මැදි ස්වභාවය නිසා පරාරෝපණය වීමට ඉඩ ඇති බවයි.යෞවනය තව දුරතත් ළමයින් නොවන අතර පූර්ණ වැඩිහිටියන් නොවේ. 1994 ඩබ්එඉන්ස්ටෙඉන් ළමා නිදහස හා වැඩිහිටියන් අතර අති මෙම ආතතිය පරාරෝපණය වර්ධනය විමට සාරවත් භූමියක් වේ. 1968 ඊරිස්සොන් කෙනෙකු තම ජීවිතයේ තම අනන්යයතාවය ගොඩ නැගීමේ කියාදාමය තුළින් කණ්ඩායම් හා උප සංස්කෘතින් බිහි කර ගනි.ඔහුට අනුව යෞවනයන් තුල අනාගතය පිලිබඳව උදාසීන ගතියක් ඇති කරයි.

යෞවනය හා අනන්යයතාවය
යම් ආකාරයක පුද්ගල ලක්ෂන මත අනන්යයතාවය තීරණය කළ හැකිය.
තමා කවුද යන්න තමා තුල අති වන හැගීම.
අනන්යයතාවය පිළිබඳව අන් අය තුල පිළිගැනීමක් තිබිය යුතුය.

තාරුණ්‍යය  විශේෂ ලක්ෂණ

අවංක බව
එඩිතර බව
සාධරනය වෙනුවෙන් සටන් කීරීම
ආදරණීය බවකළබලකාරී බව
කළහකාරී බව
සහකම්පනය
කේන්ති යාම
විරැකියාව
සුඛෝපබෝගී ජීවිත ගත කිරීම ඇති කැමැත්ත
ආචාර ශීලී නොවීම

තාරුණ්යය තුළ විවේකය ගත කිරීම තුළින් ඇතිවන ප්රතිලාභ

වින්දනයක් ලැබීම.
ස්වයං ප්රකාශනය කිරීම.
ආත්ම සංයමය ඇති කර ගැනීම.

මාධය් තුළින් තාරුණ්‍ය්‍ය  තුළ විවේකය ගත කරන ආකාරය
මෙය කොටස් 6 ඔස්සේ සාකච්ඡා කළ හැකිය
01.ලිංගිකත්වය-මෙය ආදරය ලෙස ප්රකාශ වේ.එය වාචික හෝ දෘශ්යය විය හැකිය.
02.ප්රචන්ඩත්වය-මෙය ජීවත් වන වටපිටාව සමඟ සිදු වේ.
03.අපරිමිත භාවයන් පරමාදර්ශීකරණය-ධනය,බලය,කීර්තිය ආදිය ඇති කර ගැනීම.
04.භෞතික වාදය
 05.සුඛ පරම වාදය
06.මාධ්යය වාණිජ කරණය

අන්තර්ජාලය තුළින් තාරුණ්‍යය තුළ විවේකය ගත කරන ආකාරය

වීඩියෝ ගේම්ස්-
1970 වන විට ලෝකයේ වීඩියෝ ගේම්ස් ආරම්භ වීමත් සමඟ මහත් විපර්යාසයක මුළ පිරූහ.අද වන විට ලෝකයේ වීඩියෝ ගේම්ස් සෑම කෙනෙකුම පාහේ භාවිතා කරයි.යුරෝපා රටවල 100% ක් තරුණ තරුණියන් අතර මෙය ජනප්රිය වී තිබේ.විශේෂයෙන් පිරිමි පාර්ශ්වය මේ සඳහා යොමු වී තිබේ.මෙය වීඩියෝ ගේම්ස් නිසා ඇති වූ බලපෑම් රැසකි. අතර ප්රචන්ඩත්වය,ආක්රමණශීලීත්වය විශේෂ වේ.

ශාරීරික සුවතාව ඇතිකිරීම තුළින් මානසික ආතතිය මුදා හැරීම හා සෞඛ්යය යහපත් කර ගැනීම හැකි වේ. පුද්ගල මට්ටමින් තරැණයන් තුළ ආත්ම සංයමයක් ඇති වේ.දරා ගැනීමේ හැකියාව වැඩි කරයි.නායකත්වඅවස්ථා වැඩි කරයි.පෞරුෂය වර්ධනය හා කාලය කළමනාකරණය හැකියාව ලැබේ. සමාජමය මට්ටමින් මෙය සාමූහිකව කරන බැවින් සහසම්බන්ධතාව වැඩිය.මේ තුළින් විවිධත්වය හුරු වේ. සංගීතය තුළින් තාරුණ්යය තුළ විවේකය ගත කරන ආකාරය මෙය විවේකය ගත කිරීම යොදා ගන්නා ජනප්රිය මාධ්යය වේ.මෙහි දී ජනප්රියපොප් සංගීතය තාරුණ්යය තුළ සුවිශේෂී වී තිබේ.මෙය රොක් සංගීතය විකල්පයක් ලෙස භාවිතාව පැමිණ ඇත.ඒවා බොහෝ විට සරල ආදරණීය ගීත වේ.මෙය අනන්යයතාව ගොඩ නැගීම ත් උපකාරි වේ. 



බැදීම්

















බැදීම් කියන්නේ හරි පුදුමාකාර  දෙයක්‘අපි අපේ ජීවිතේ පටන් ගන්න දවසේ ඉදලා එ් කියන්නේ අපි ඉපදුන දවසේ ඉදලා අද වෙනකම් අපි ජීවත් වෙන්නේ බැදීම් එක්ක. බැදීම් අපි ව ජීවත් කරවනවා. බැදීම් නැති ජීවිතය තුළ හිස් බවක් රැුදී තිබෙනවා.උපන් දා ඉදලා මොහොතින් මොහොත දවසින් දවස බැදීම් අපේ ජීවිතයට එකතු වෙනවා.

මේ ලෝකයේ අපිට මුලින් ම ඇතිවන බැදීම අපේ අම්මත් එක්ක.ඒ බැදීම ජීව විද්‍යාත්මකයි.මනෝ විද්‍යාත්මකයි.මවු කුස තුළ කළලයක් වශයෙන් ජීවත් වෙද්දී අපි අපේ අම්මා ව දෑසින් නොදුටුව ද මනසින් දකිනවා.මවටත් එසේමයි.තමන්ගේ කුස තුළ සිටින දරුවාගේ ස්වරූපය හැසිරීම මවට දැනෙනවා.මවගේත් දුක වේදනාව සතුට කුස තුළ සිටින දරුවාට දැනෙනවා.මේ බැදීම මිනිස් ලොකය තුළ පවතින හරි අපූරු බැදීමක්.
මවු කුසයෙන් එළියට ඇවිත් අපි දෑස් හැර ලෝකය දෙස බලන්න පටන් ගන්නවා.මුලින් ම අපි අපේ ජීවිතයේ වෙන් කළ නොැකි බැදිම ගොඩ නගා ගන්නේ අම්මයි තාත්තයි එක්ක. එය හදවතින් ම ඇති වන උතුරා යන ස්නේහයේ බැදීමයි.ඒත් සමග ගොඩ නැගෙන පවුල තුළ සහෝදර සහෝදරියන් සමග බැදීමක් ගොඩ නැගෙනවා.ලෝකයේ ඇති වන බැදීම්වලින් සමීපතම බැදිම වන්නේ පවුල තුළින් ගොඩ නැගෙන මුල් ම බැදීම් සමුදායයි.

මුලින් ම පුංචි පුංචි බැදීම්වලින් ගොඩ නැගෙන අපේ ජීවිතය කාලයත් එක්ක බැදීම්වලින් බැදුන ජාලයක් බවට පත් වෙනවා.සමාජයට පිය නැගූ දවසේ පටන් ඇසුරු කරන නොයෙක් චරිත සමග බැදීම් ඇති වෙනවා.
කාලයත් එක්ක යෞවනයේදි තවත් අපූරු බැදීමක් අපේ ජීවිතවලට එකතු වෙනවා.තවත් අලුත් බැදීම් ගොඩක ආරම්භය එයයි.තාරුණ්‍යයේ එළිපත්තේ සිටින තරුණ තරුණියන් ජීවන ගමනේ එක් ගමනාන්තයකදී සහකරුවෙක් හෝ සහකාරියක් එකතු කරගන්නවා.ඒත් සමග ගොඩ නැගෙන බැදීම ජීවිත කාලය පුරාවට ම පවත්වාගෙන යන්න වෙනවා.

ඇතමෙක් කියන්න පුලුවන් මේ ලෝකයේ හැම බැදිමක් ම තාවකාලිකයි.ජීවිතේ දවසක බැදීම්වලින් නිදහස් වෙලා යන්න වෙනවා කියලා.බුදු දහමට අනුව බැදීම් කියන්නේ සංසාර ගමන දිගු කරවන්නක්. අස්ථිර වූ දෙයක්. ඒත් මොහොතනක නැවතිලා සිතනකොට මට හිතෙනවා ජීවිතේ අපි ව ජීවත් කරවන්නේ බැදීම් කියලා. අපි වටා ගොඩනැගිලා තියන බැදීම් අපේ ජීවිතේ ජයග‍්‍රහණය සතුට කරා අපි වගෙන යනවා. ඒත් අපි ඇති කරගන්නා බැදීම් ගැන වරක් නොව සිය දහස් වරක් සිතිය යුතුමයි.සාර්ථකත්වය ෂතුට කරා මෙන් ම අසාර්ථකත්වය විනාශය කරා ගෙන යන්නත් මේ බැදිම්වලට පුලුවන්

බැදීම් ගොඩක් එක්ක ජිවත් වෙනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යක් නොවෙයි. ඒත් සමහර බැදීම්වලින් ජීවිතේ අපිට නිදහස් වෙන්න බෑ. ජීවිතේ අපි ඉදිරියට යන්න යන්න බැදීම්වලින් අපේ ජීවිතය පිරෙනවා.ඒ හැම බැදීමක් ම නිවරදි ව තෝරාගෙන බැදීම්වලට ආදරය කරමින් ගෞරව කරමින් ජීවිතේ ගෙනයාම තුළ ජීවිතේ අපි හොයන සතුට සැනසුම සාර්තකත්වය හිමි වේවි. 




ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල


 ජංගම දුරකථනය නිසා අපට ඇති වාසි හා එහි වැදගත්කම කියා නිමකල නොහැකි තරම්ය.නමුත් ජංගම දුරකථන භාවිතය නිසාම ඇතිවූ බව පිළිගැනෙන සෞඛ්යමය පාරිසරික ආර්ථික හා සමාජ ගැටළුද බොහොමයක් ඇත.ජංගම දුරකථනයෙන් පිටවන චුම්භක ක්ෂේත්ර හා සන්නිවේදන කුලුණු වලින් පිටවන අධි සංඛ්යාත රේඩියෝ තරංග නිසා පුද්ගලයන්ට විවිධ මානසික ආබාධ ශ්රවන ආබාධ කළල ගබ්සා වීම්අංගවිකල දරු උපත් යන ආදිය ඇති වන බව පැවසේ. මීට අමතරව ජංගම දුරකථන සන්නිවේදන කුලුණු ආශ්රිතව ජීවත් වන කෘමි සතුන්ගේ හැසිරීම් රටාවන්ද වෙනස් වන බව ඇතමුන් ප්රකාශ කරයි.මී මැස්සන් වැනි කෘමි සතුන් මෙම ප්රදේශ අත් හැර යන බවත් ගස් වැල් වල ඵලදාව අඩු වන බවත් ප්රකාශ කරන පුද්ගලයින් සිටී.නමුත් මෙම ප්රකාශ විවිධ පුද්ගලයන්ගේ විවිධ මත ලෙස සලකන්නේ තවමත් මෙම ප්රකාශ විද්යාත්මකව නිසි ලෙස තහවුරු කර නොමැති නිසාවෙනි.

නමුත් ජාත්යන්තර සම්මත රීතින් අනුව මීටර් 500 ක අරයක් ඇති ප්රදේශයක් තුල මෙවැනි සන්නිවේදන කුලුණු පිහිටිය හැක්කේ එකක් පමණයි. නමුත් ශ්රී ලංකාව තුල එකම ස්ථානයේම කුලුණු 4ක් 5ක් පිහිටුවා ඇති අවස්ථා බොහොමයක් දක්නට ලැබේ.දුරකථන සේවා සපයන සමාගම් ඔවුන්ගේ ආර්ථික වාසි පිළිබඳ පමණක් සැලකිල්ලට ගනිමින් මෙවැනි දේ සිදුකරයි.

කෙසේ වුවද දිනෙන් දින වැඩිවන ජංගම දුරකථන බැහැර කිරීම නිසා පරිසරයට සිදුවන හානිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතු වේ.අන්තර්ජාතික විෂ අපද්රව්ය බැහැර කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ බේසල් සම්මුතියද මෙම කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත.ජංගම දුරකථන තුල අන්තර්ගත ඊයම්රසදිය කැඩ්මියම් වැනි බැර ලෝහ සහ ගිනි නොගන්නා බ්රෝමිනිකෘත සංයෝග බැහැර කිරීමේදී ඒවා පරිසරයට එක් වීමේ අවධානමක් පවතී.විශේෂයෙන්ම පැරණි ජංගම දුරකථන තුල මේවා වැඩි ප්රමාණයක් පවතී. එම විෂ රසායනික ද්රව්ය වල ඇති පිළිකා කාරක ගුණය නිසා ඒ මගින් සෞඛ්ය තර්ජනද එල්ලවිය හැකිය. ක්රෝමියම්බ්රෝමිනිකෘත ද්රව්ය විශේෂයෙන් යොදා ගැනෙන්නේ ජංගම දුරකථනයක කවරය හා යතුරු පුවරුව නිර්මාණය කිරීමටයි. අවසානයේ මේ සියලු විෂ රසායනික ද්රව්ය එකතුවන්නේ අප ජීවත් වන පරිසරය තුලටයි. ගැටළුව උග්ර වන්නේ ඉඩම් ගොඩකිරීමට යොදා ගන්නා ද්රව්ය අතරට ඉහත සඳහන් විෂ ද්රව්ය එක් වූ විටයි.එවන් භූමියක් තුල නිදහස් වන මෙම රසායනික ද්රව්ය පස් අංශු අතරින් කාන්දු වී අවසානයේ එක් වන්නේ භූගත ජලයටයි.මේ නිසා පසමත වැඩෙන භෝග තුලට මෙන්ම පානීය ජල ප්රභවයන් තුලටද විෂ ද්රව්ය එක් වීමේ අවධානම වැඩිවේ.

සමහර සංවර්ධිත රටවල් වල ජංගම දුරකථන බැහැර කිරීමේදී දැඩි නීති ක්රියාත්මකව ඇත.එවන් රටවල් ඉවත් කරන ජංගම දුරකථන ආසියාතික හෝ අප්රිකානු රටවලට මුදා හැර නීතියෙන් ගැලවීමට ක්රියා කරයි.සංඛ්යාත්මකව අඩු දුරකථන භාවිතයක් ඇති මෙම ආසියාතික හා අප්රිකානු රටවල් වැඩි ජංගම දුරකථන අපද්රව්ය නිසා පීඩා විඳිනුයේ මේ අයුරෙනි.එසේම විෂ ද්රව්ය බැහැර කිරීමේ ආරක්ෂක ක්රම මෙවැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් භාවිතා කරනු යැයි පැවසිය නොහැක.එම නිසා මෙවැනි රටවල් වලට සිදුවන හානිය තවත් වැඩිබව පෙනී යයි.

සත්ය වශයෙන්ම ජංගම දුරකථන නිසා පරිසරයට සිදුවන හානිය සඳහා වගකිය යුත්තේ ඒවායේ නිෂ්පාදකයින්ය.මෙයින් බැහැරවන සියළු අපද්රව්ය එක් රැස් කිරීමේ හා ඒවා බැහැර කිරීමේ වගකීම ඔවුන් වෙත පවරා දිය යුතු වේ.යුරෝපා සංගමය විසින් දැනටමත් මෙම න්යාය ක්රියාතමක කර ඇතගමෙහි අවසන් පරමාර්ථය වන්නේ ජංගම දුරකථන නිපදවීමේදී විෂ රසායනික ද්රව්ය හැකිතාක් අඩු කොට පරිසර හිතකාමී ද්රව්ය හැකිතාක් යොදා ගැනීමට නිෂ්පාදකයින්ට බල කිරීමයි.විශේෂයෙන්ම සමාගම මෙහි බරපතලකම හොඳින් තේරුම් ගනිමින් ජංගම දුරකථත ආරක්ෂිතව බැහැර කිරීමට ලොව පුරා වැඩසටහන් දැනටමත් ක්රියාත්මක කර ඇත.මෙලෙස සමාගම් හොඳින් සමාජ වගකීම් ඉටු කලහොත් ජංගම දුරකථන නිසා පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව ස්ථිරය.

මතකය














කාන්සියේ මම ඉන්නම්
මතකය අහකට පලයන්
නුඹ ඇවිදින් හිත කළඹා
ඉන්න එපා ලගට වෙලා

අතීතය ම ගිණියම් වී
අළුගොඩ මැද පුපුරු තියෙයි
මතක පිදුරු එහි නොදමා
දුරස් වෙයන් මගෙ මතකය

කාන්සියේ දුක දැනුන ම
මතකය යළි දිග හැරුණම
ගිණි ගන්නවා ආත්මයම
මතකය නුඹ ඉවත් වෙයන්

හදහන
















කාලයක් පුරාවට ගැලපුන
හැමදේම
හදහන
නුඹ හරි ලස්සනට
නොගැලපුව අපූරුව

නව මාධ්‍යයේ ස්වභාවය හා සුවිශේෂ ලක්ෂණ


















 සන්නිවේදනයේ සම්භවය පිළිබදව නිශ්චිතව සදහන් කළ නොහැකිය. ඓතිහාසික සොයා ගැනීම් වලට අනුව ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ පටන්ම සන්නිවේදනය ලෝකයේ පැවතී ඇත. සන්නිවේදනය හා මිනිසා යනු එකිනෙකින් ව්‍යුක්ත කළ නොහැකි සංකල්පයන් වන බව ඒ අනුව පැහැදිළිය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීම සදහා ස්වභාවධර්මය ඇසුරේ සාම්ප‍්‍රදායික ක්‍්රම යොදාගත්හ. සාමූහිකව ජීවත් වීමේදී පරිසරය ජය ගැනීමට නම් අන්තර්පුද්ගල සන්නිවේදනයේ අවශ්‍යතාව ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසාට පැවතුණි. මානව පරිණාමයේ කවර යුගයක වුවද සන්නිවේදනය මිනිසාට අත්‍යාවශ්‍ය මෙවලමක් විය.

මීට වසර දහස් ගණනකට පෙර සිටම මිනිසාට සන්නිවේදනයේ වැදගත්කම හදුනාගත හැකිවිය. එය මේ වන විට ඔප්පු වී ඇති වාර්තාගත සාක්ෂි මගින් එය තහවුරු වේ. මානව පරිණාමයත් සමග මිනිසා ජෛව විද්‍යාත්මකව වෙනස්වීමෙන් ස්වකීය ශක්‍යතා වර්ධනය වීමත් සමග සන්නිවේදන අවශ්‍යතාද සංකීර්ණ විය. එයට ගැලපෙන ලෙසට සන්නිවේදන ක්‍‍්‍රමවේදයන්ද විකාශනයට ලක්විය.

සාම්ප‍්‍රදායික මාධ්ය භාවිතා කළ මානවයා ස්වකීය වෙනස්වන අවශ්‍යතා වලට ගැලපෙන ලෙස ස්වභාව ධර්මය වෙනස්කර ගැනීමෙහි ප‍්‍රතිඵලයක් ලෙසට ජන මාධ්‍යය බිහිවිය. ස්වභාවයෙන්ම සමාජයීය සත්ත්වයෙක් වන මිනිසාගේ සාමූහික සන්නිවේදන අවශ්‍යතා සංහතික මාධ්‍ය වන පැරණි මාධ්‍යයන්ගෙන් ඉටු විය.

.මානව වර්ගයාගේ සමාජ පරිණාමයේ නිෂ්චිත යුගයක් නියෝජනය කරමින් 17 වන සියවසේදී බිහිවූ නූතන මාධ්‍ය ක්‍‍්‍රමාණුකූලව වර්ධනය වී වර්තමානය වන විට එය ගෝලීය ව්‍යුහයක් දක්වා වර්ධනය වී ඇත. එයට පුවත්පත්, සගරා, වාර ප%කාශන. ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය ඇතුළත් වන අතර ඒවා සංහතික මාධ්‍ය ලෙසද හදුන්වයි යනුවෙන් අචාර්ය ටියුඩර් වීරසිංහයන් සදහන් කරයි.

20 වන සියවසේදී තාක්ෂණික  විප්ලවයන්ගේ දෝලනයන්ට සංහතික මාධ්‍යයන්ද ලක් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස තොරතුරු යුගයක ජීවත් වන මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා වඩාත් සංකීර්ණ විය. එම සංකීර්ණ සන්නිවේදන අවශ්‍යතා වලට ගැලපෙන බහුකාර්යය මාධ්‍යයන් ආගමනය සිදුවිය. නව මාධ්‍යයේ ආගමනය සමස්ථ සන්නිවේදන මාධ්‍යයන්ගේ මෙන්ම ග‍්‍රාහකයාගේ සන්නිවේදන වෙනස්කම් සදහා සෘජු බලපෑම් එල්ල කරන ලදී.

සන්නිවේදන මාධ්‍යයන්ගේ කාර්යය හුදු තොරතුරු සම්පාදනයට පමණක් සීමා නොවී විනෝදාස්වාදය , ව්‍යාපාර , ක්‍‍්‍රීඩා , සෞඛ්යය , නිර්මාණ ආදී විවිධ ක්ෂේත්ර  ඔස්සේ පුළුල් විය. නව මාධ්ය ආගමනය සංවර්ධිත රටවල පමණක්ම නොව ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සන්නිවේදනයටද බලපා ඇත. භූගෝලීය සීමා  අතික%මණයට හා කාලය හා අවකාශය අතර දුර සංකෝචනයට නව මාධ්‍ය සතු ශක්‍යතාවය නව මාධ්‍ය වේගයෙන් ලෝකය වෙලා ගැනිමට ප‍්‍රධාන හේතුවකි.


නව මාධ්ය යනු තොරතුරු හා විනෝදාස්වාදය සම්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා රූපවාහිනිය පුවත්පත වැනි සාම්ප‍්‍රදායික ක්‍්රම මගින් වෙනුවට පරිගණකය හෝ අන්තර්ජාලය භාවිතයෙන් සම්පාදනය කිරීමයි.

ඒ අනුව නව මාධ්ය මගින් පැරණි මාධ්‍ය ග‍්‍රාහකයාට ලබාදුන් මාධ්‍ය භාණ්ඩ හා සේවා නව ආරකින් ලබා දීමට සමත්ව ඇත.  සාම්ප‍්‍රදායික මාධ්‍ය හා පැරණි මාධ්‍ය පටු කර තැබූ ග‍්‍රාහක ක්ෂේත්රය පුළුල් කර ලීමට නව මාධ්යය සමත්ව ඇත.  නව මාධ්ය හදුන්වා දී කෙටි කාලයකින් අධිවේගයෙන් දියුණු වූ මාධ්‍යකි. තොරතුරු යුගයක ජීවත් වන මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා පැරණි මාධ්යයට වඩා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට නව මාධ්යට  හැකියාව ඇත. මාර්ෂල් මැක්ලූහන් විසින් ලොවට හෙළි කල විශ්ව ගම්මාන සංකල්පය වැනි ගෝලීය තත්වයන් කරා සන්නිවේදනය මෙහෙය වීමට නව මාධ්ය සමත්ව ඇත.

අනුව නව මාධ්‍යයේ සුවිශේෂ ලක්ෂණ පහකි. එනම්

x අංකිතකරණය
x අභිසාරීතාවය
x අන්තර්ක්‍‍්‍රියාකාරීත්ව
x අධිවේගීත්වය
x තාත්විකභාවය


 වේ.

නව මාධ්‍යයේ මෙම පස් වැදෑරුම් ලක්ෂණ අතර වත්මන් මාධ්ය ක්ෂේත‍්‍රයේ මාධ්ය අභිසාරීතාවය යන්න වැඩි අවධානයට ලක්ව ඇති මාතෘකාවකි. අභිසාරීතාවය යන වදන ලතින් භාෂාවේ යන වදනින් බිදී ආ වදනක් වන අතර එහි අදහස එකට එක්ව පැමිණීම යන්නයි.

1970 දශකයේදී යන ශාස්ත්රඥයා සන්නිවේදන තාක්ෂණය මගින් එකිනෙකට  වෙන්ව පවතින කර්මාන්ත තුනක් අතිෙඡ්දනය වී මාධ්ය අභිසාරීතාවය සැකසෙන ආකාරය පිළිබදව  අදහස මුලින්ම ඉදිරිපත්  කරන ලදී. එනම් විද්‍යුත් ප‍්‍රචාරණ කර්මාන්තය , පරිඝණකය , පුවත්පත යන කර්මාන්ත අතිච්ෙඡ්දනයයි. 1980 දශකයේ හෙන්රි ජෙන්කින්ස් ගේ අභිසාරී සංස්කෘතිය නම් කෘතිය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග මාධ්ය අභිසාරීතාවය පිළිබද ලෝකයේ අවධානය වර්ධනය විය.

බහුමාධ්ය වේදිකා ඔස්සේ සන්දේශ ප‍්‍රවාහණය කිරීම අභිසාරීතාවයේ මූලික ලක්ෂණයයි. එනම් සරලව කිවහොත් වෙන්ව පැවති මාධ්ය කිහිපයක් එක්ව සන්නිවේදන කටයුතු කිරීමයි.

”මාධ්ය අභිසාරීතාවය යනු තොරතුරු ඒකරාශී කිරීම හා බෙදා හැරීම සදහා විවිධ උපකරණ හා මෙවලම් ඒකරාශී විමයි” යනුවෙන් හෙන්රි ජෙන්කින්ස් පවසයි. වර්තමානය වන විට සංහතික මාධ්ය හා සංහතික සන්නිවේදන ක්ෂේත‍්‍රයේ අපට දක්නට ලැබෙන මූලික ප‍්‍රවණතාවක් වන්නේ නූතන මාධ්ය හා නව මාධ්ය අතර සිදුවන අන්තර් ක්‍‍්‍රියාකාරීත්වය අන්තර් විනිවිදභාවය සහ අනෞන්ය සම්බන්ධතාවයි. මේ යටතේ සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණික සහ තාක්ෂණික පද්ධති, මාර්ග ඒකීය සමස්තයක් ලෙස නිර්මාණය වීම සිදුවේ. මෙය ක්‍‍්‍රියාවලියක් වන අතර, එය අභිසාරීතාවය ලෙස හදුන්වයි ලෙස ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

මාධ්ය අභිසාරීතාවය මාධ්ය ඉතිහාසයේ ග‍්‍රාහකයාට මෙන්ම සන්නිවේදකයාට අභියෝගාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස හැදින්විය හැකිය. ලාභදායී භාවය හා තාක්ෂණයේ පහසුභාවය වැනි සාධක අද වන විට මාධ්ය අභිසාරීකරණය වෙත පොළඹවන සාධක බවට පත්ව ඇත. මාධ්ය කිහිපයක් වෙත විස්තීර්ණව පැවති සම්පත් එක් මාධ්‍යයක් වෙත සංකේන්ද්රණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙසට අභිසාරී මාධ්‍යයේ ගුණාත්මක භාවය වැඩි වීම ග‍්‍රාහකයා මෙන්ම නිෂ්පාදකයා අභිසාරීකරණය වෙත ආකර්ෂණය කර ගනියි.

අභිසාරීතාවය හේතුවෙන් මිනිසුන්ට පුවත් අවශ්ය අවස්ථාවලදී සහ මාධ්ය සමග මුසුව සිටින අවස්ථාවලදී සහ මුද‍්‍රිත යන කවර මාධ්‍යකින් හෝ ප‍්‍රවෘත්ති ලබාගත හැකි වීම විශේෂ ප‍්‍රතිලාභයකි.

නව මාධ්යය හරහා මාධ්ය අභිසාරී වීමෙන් පැරණි මාධ්‍යයේ ඇති අපසාරීභාවය  නිසා ඇති වූ විවිධ දුර්වලතා මගහැර ගැනීමට හැකියාව අත්ව ඇත. අන්තර්ක්‍‍්‍රියාකාරීත්වය පහසු බව හා  අවකාශය පුළුල් වීම හේතුවෙන් නව මාධ්ය හරහා අභිසාරී වීමට මාධ්ය වැඩි නැඹුරුතාවයක් දක්වයි. එසේම ශබ්ද , රූප , සංඥා යන කවර රූපාකාරයකින් වුවද තොරතුරු සම්පේ්රෂණයට නව මාධ්ය සතු ශක්‍යතාවය මේ සදහා තවත් උත්පේ‍්‍රරකයකි.

ඩිජිටල් නෙට්වර්ක් හී ශබ්ද , පාඨ , රූප අතර වෙනසක් නොමැත. ඒ සියල්ල සහ ලෙස සම්පේ්රෂණය කරන අතර ඇනලොග් ලෙස විකාශනය කරයි.නව මාධ්ය අභිසාරී වීමේ ප‍්‍රතිඵලයක් ලෙසට නව මාධ්‍යයේ තිබූ ශක්‍යතා තව දුරටත් වර්ධනය වී ඇත. අභිසාරීතාවය හේතුවෙන් නව මාධ්යය ග‍්‍රාහකයාගේ මෙන්ම නිෂ්පාදකයාගේ කාර්යයන් පවා වෙනස්වීමට ලක්ව ඇත. ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යාවන්ගේ වෙනස්කම් කෙරෙහි නව මාධ්ය විවිධ අයුරින් බලපා ඇත.

සයිබර් අවකාශය තුළ අපි සංවාද කරන්නෙමු. විවාද කරන්නෙමු. බුද්ධිමය සබදතා වල නිරත වන්නෙමු. සැලසුම් සකස් කිරීමෙහි , ව්‍යාකූලතා ඇති වීමෙහි,   ඕපාදුප , වෛරයන් ,පේ‍්‍රමයෙන් වෙලීම්, මිතුරන් සෙවීම සහ අත් හැරීම, ක්‍‍්‍රීඩා වල නිරත වීම, උසස් කලාවන් වල නිරත වීමේ සිට වැඩකට නැති කතාබහ දක්වා පිරිසක් එකතු වූ විට කරන්නෙමු. අප එය සිදු කරන්නේ අපගේ සිරුර සහ තිරයේ සටහන් වන වචන මගිනි.” යනුවෙන් රේන්ගෝල්ඕ වරෙක සදහන් කර තිබේ.

 පැරණි මාධ්යයට වඩා නව මාධ්ය නම්‍යශීලී මාධ්‍යයකි. එමනිසා නව මාධ්ය තුළට ග‍්‍රාහකයා වේගයෙන් අන්තර්ග්රහණය වේ. පැරණි මාධ්‍යයේ ශක්‍යතා අභිබවා ගිය නව මාධ්‍යයේ සන්දේශ නිර්මාණයට ග‍්‍රාහකයාට වඩා හොද අවස්ථා හිමි වේ. එය ග‍්‍රාහකයාගේ සන්නිවේදන අන්තර්ක්‍‍්‍රියා වර්ධනය වීමට හේතු ප‍්‍රත්‍යයක් ව ඇත.  අන්තර්ජාලයේ ඇති නොයෙක් සන්නිවේදන ජාල මගින් විවිධ පහසුකම් එකවර ලබාගත හැකි වීම නව මාධය අභිසාරීකරණයේ ප‍්‍රතිඵලය. අප අතැති ජංගම දුරකථනය මගින්ද අපට අන්තර්ජාලයට පිවිසීම, දුරකතන ඇමතුම් ලබාගැනීම, විවිධ දේවල් හුවමාරු කර ගැනීම සදහා වැඩි අවස්ථා ගණනක් නව මාධ්ය අභිසාරීකරණයේ ප‍්‍රතිඵල ලෙස හිමිව ඇත.

මෑත කාලීනව අභිසාරීකරණයට ලක් වූ මාධ්ය භාණ්ඩ හා සේවා වෙළදපළට නිකුත් විය. ශ‍්‍රී ලංකාවේද මෙම අභිසාරීකරණයට ලක් වූ භාණ්ඩ වේගයෙන් ව්‍යාප්ත විය. රූපවාහිනී යන්ත්ර බහු කුසලතා සහිත ජංගම දුරකතන යන නව මාධ්ය ඒ අතර වේ. මෙම මාධ්‍යයන් භාවිතා කරනු ලබන ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යා කෙරෙහි එම මාධ්‍යයන්ගේ අභිසාරීතාවයද හේතු වී ඇත.

අභිසාරීකරණය වූ නව මාධ්යය සන්දේශ නිර්මාණයට දායක විම සදහාත් අන්තර්පුද්ගල සන්නිවේදනය සදහාත් ග‍්‍රාහකයාට වැඩි අවස්ථා ප‍්‍රමාණයක් හිමි කර දෙයි. ග‍්‍රාහකයාට අභිමත පරිදී තෝරාගත් මාධ්‍යයක් ඔස්සේ සන්නිවේදනයට අවකාශය ලැබීමත් නව ප‍්‍රවණතාවයකි. පෙර භාවිත කළ සන්නිවේදන ක්‍‍්‍රමයන්ගෙන් ඔබ්බට ගොස් නව සන්නිවේදන ක්‍්රම අත්හදා බැලීමේ අවකාශය අභිසාරී වූ නව මාධ්ය හරහා ග‍්‍රාහකයාට හිමිවේ. එසේම ජර්ගන් හබර්මාක්ස් විසින් ලොවට හදුන්වා දුන් මහජන අවකාශය  වැනි සංකල්ප මාධ්ය අභිසාරීකරණය හරහා වර්ධනය වී පොදු සාකච්ඡුුා මණ්ඩප නිර්මාණය කරයි.

තොරතුරු යුගයේ ග‍්‍රාහකයාට බොහෝ පහසුකම් ලැබී ඇත. සමාජ දේශපාලන ස්වරූපයන්ගේ සමාන නියෝජනයකට අවස්ථාව හිමිව ඇත. දඩයම් යුගයේ රැුුස්කරන්නන් හා දඩයම්කරුවන් අතර යහපත් අනෞන්ය සබදතාවක් නොවීය. ඔවුන් සවිඥාණික වූයේ භූමිය පිළිබදව පමණි. පුරුෂයාගේ, ස්ත‍්‍රියගේ . ළමයාගේ කාර්යයන් වෙන් කිරීම හරහා ඔවුන් සීමා කර තැබීය. ඉලෙක්ට්‍රෝනික යුගයේ දඩයම් කරුවන් හා රැුුස්කරන්නන් සමාන වී ඇත. ඔවුන්ට එකම වේදිකාවක් තුළ සංවාද කිරීමේ අවකාශය මාධ්ය ම`ගින් සැලසී ඇත

ඒ අනුව නූතන මාධ්ය තාක්ෂණය මගින් සමාජ භූමිකා පවා වෙනස් කොට පොදු සාකච්ඡුුා ස`දහා අවකාශය සලසා ඇත. අළුත් වන තාක්ෂණය විවිධ සමාජ කණ්ඩායම් වලට අනන්ය බලපෑම් එල්ල කරයි.   නවීන තාක්ෂණය භාවිතයට තරුණ ප‍්‍රජාවගේ ඇති නැඹුරුව හේතුවෙන් අභිසාරී නව මාධ්යය වැඩි වශයෙන් සංකේන්ද්රණය වී පවතින්නේ තරුණ ප‍්‍රජාව මතයි. සන්නිවේදනයේ නවීකරණයන් නූතන තරුණ ප‍්‍රජාව ඉක්මනින් ග්රහණය කරගනී. 2013 වසරේදී කළ සමීක්ෂණයට අනුව ලෝකයේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර වයසේ තරුණ ප‍්‍රජාවගෙන් 93% ක්ද 18 ත් 29 ත් අතර තරුණ ප‍්‍රජාවගෙන් 74% ක්ද අන්තර්ජාලය භාවිතා කරති. නව මාධ්ය අභිසාරීකරණයට ලක් වීම හේතුවෙන් තරුණ ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යාවන්ගේද වෙනස්කම් රැුසක් ඇතිව ඇත. සන්නිවේදනය සදහා නිර්වාචික සන්නිවේදනය ප්රබලව යොදා ගැනීම , සන්නිවේදනය සදහා පොදු භාෂාවක් නිර්මාණය කර ගැනිම , සංඥා හා සංකේත කෙරෙහි වැඩි වශයෙන් යොමු වීම වැනි විවිධ වෙනස්කම් තරුණ ග‍්‍රාහක ප‍්‍රජාවගේ සන්නිවේදන චර්යාවන්ගේ දැක ගත හැකිය.අන්තර්ජාලය භාවිතා කරන්නන් එකිනෙකා අතර සන්නිවේදනයට නිර්වාචික සන්නිවේදන උපක්‍්රම ප‍්‍රමාණවත් නොවන අවස්ථා වලදී ඔවුන්ටම සුවිශේෂී සන්නිවේදන භාෂාවන් හා රටාවන් භාවිතයට ඇබ්බැහි වී සිටිති.

ඒ අනුව නව මාධ්ය භාවිතා කරනු ලබන ග‍්‍රාහකයන් තමන්ට ආවේණික වූ සන්නිවේදන රටාවකට අනුගත වී ඇති ආකාරය පැහැදිළිය. රාවෝ දක්වන පරිදී අභිසාරීගත මාධ්‍යජාල භාවිතා කරනු ලබන ග‍්‍රාහකයින් විවිධ ප‍්‍රධාන භූමිකා රග දක්වයි. ඒ අනුව අභිසාරීගත මාධ්‍යයේ සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර පරතරය සංකෝචනය වෙමින් පවතී. ග‍්‍රාහකයා මේ වන විට නව මාධ්ය හරහා පුරවැසි මාධ්‍යවේදයට යොමු වී ඇත. අභිසාරීගත නව මාධ්‍යයේ බහු මාධ්ය හැකියාව පුරවැසි මාධ්යකරණය පහසුකොට ඇත.  වර්තමානයේ පුරවැසිමාධ්යකරණය අන්තර්ජාලය මූලික කොටගෙන සිදුවේ.

ප‍්‍රවෘත්ති හා තොරතුරු එකතු කිරීම, වාර්තා කිරීම, විශ්ලේශනය කිරීම සහ බෙදා හැරීම යන කාර්යයන් සදහා මහජනයා සක්‍‍්‍රියව දායක වීම පුරවැසි මාධ්‍යවේදය වේ. අන්තර්ජාලයේ වැඩි වශයෙන් තොරතුරු හුවමාරුව හරහා පුරවැසි මාධ්‍යවේදයේ යෙදෙනුයේ තරුණ පිරිසයි.

ඉහත කරුණු අනුව පැහැදිළි වන කාරණය නම් නව මාධ්ය අභිසාරීකරණයට ලක් වීම නිසා ග‍්‍රාහකයන්ගේ සන්නිවේදන චර්යාවන් වෙනසකට ලක් වෙමින් ඇති බවයි. එසේම නව මාධ්ය සමගින් වැඩි වශයෙන් ගණුදෙනු කරනු ලබන තරුණ ප‍්‍රජාවගේ මෙම වෙනස්කම් කෙසේ සිදුවී ඇත්ද, එම වෙනස්කම් මොනවාද , ශ‍්‍රී ලංකාවේ තත්වය කෙසේද වශයෙන විමසීමට ලක් කළ යුුතු බවත්ය.

හෙන්රි ජෙන්කින්ස් අභිසාරී සංස්කෘතිය කෘතිය අභිසාරීතාවය පිළිබදව මුළු ලෝකයේම අවධානය යොමු කිරීමෙන් පසුව ඒ පිළිබ`ද අධ්යයන ක්ෂේත්රය පුළුල් විය. අභිසාරීතාවයේ තාක්ෂණික ස්වරූපය පිළිබදව ලෝකයේ විවිධ මට්ටමේ පර්යේෂණ ඉන්පසුව සිදු විය. අභිසාරීතාවය මාධ්ය ක්ෂේත‍්‍රයේ ඇති කොට ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබද විවිධාකාර අදහස් විවිධ පුද්ගලයන් දක්වා ඇත. නමුත් මාධ්ය අභිසාරීතාවය ග‍්‍රාහකයාට බලපාන අකාරය පිළිබ`දව සිදුව ඇති අධ්යයන ක්ෂේත‍්‍රයන් ප‍්‍රමාණවත් නොවේ.ඒ පිළිබදව පළකොට ඇති අදහස් පවා විරලය. මාධ්‍යයේ ග‍්‍රාහක බලපෑම් පිළිබ`දව කියවීමට ඇති ක්ෂේත්රය පවා පටුය.

 නවමාධ්‍යයේ සන්නිවේදන චර්යාවන් හේතුවෙන් වර්තමානයේ සමස්ත ලෝකය පුරා විවිධාකාර සමාජ ගැටළු ඇතිවී ඇත. සමස්තයක් ලෙස ගත්විට නව මාධ්ය හේතුවෙන් පැනන`ගින ගැටළු වැඩි වශයෙන් නි්ර්මාණය කරනුයේ තරුණ ප‍්‍රජාවයි. මතුපිටට නොපෙනුනද මාධ්ය අභිසාරීකරණයට පත්වීමද මේ සදහා යම් මට්ටමක දායකත්වයක් සපයයි. නවමාධ්ය සන්නිවේදනය හේතුවෙන්  ඇති වී ඇති ගැටළු අවම කිරීමෙහි ලා නවමාධ්‍යයේ සන්නිවේදන ස්වරූපය අවබෝධ කරගැනීම අත්‍යාවශ්යය. එහිදී අභිසාරීකරණය හේතුවෙන් නව මාධ්ය ග‍්‍රාහකයන්ගේ ඇති වී ඇති සන්නිවේදන චර්යාත්මක වෙනස්කම් පිළිබ`ද අවබෝධය වැදගත්ය.

නව මාධ්‍යයේ අභිසාරීගත ක්‍‍්‍රියාකාරීත්වය නිසා ශ‍්‍රී ලාංකේය ග‍්‍රාහක සන්නිවේදන චර්යාවන්ගේ ඇති වී ඇති වෙනස්කම් පිළිබ`දව ප‍්‍රමාණවත් අධ්‍යයනයක් මෙතෙක් ශ‍්‍රී ලංකාව තුළ සිදු වී නොමැත. සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් අනාගත මාධ්ය ක්ෂේත‍්‍රයේ ඇතිවන වෙනස්කම් වඩා ඵලදායී ලෙසට ඉටු වීමට නම් මාධ්ය වෘත්තිකයන් නව මාධ්ය ප‍්‍රවණතා ග‍්‍රාහකයන් අන්තර්ග්රහණය කර ගන්නා ආකාරය පිළිබ`දව දැනුම්වත්ව සිටිය යුතුය.

නව මාධ්‍යයේ ස්වභාවය හා නව මාධ්‍යයේ ග‍්‍රාහක බලපෑම් පිළිබ`දව ශ‍්‍රී ලාංකේය ජනතාව තුළ යම් මට්ටමක අවබෝධයක් තිබුණත් අභිසාරීගත නව මාධ්ය පිළිබදවද ප‍්‍රමාණවත් කථිකාවතක් මෙතෙක් ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වී නොමැත. මාධ්ය අභිසාරීකරණය පිළිබද සිංහල භාෂාවෙන් ලියවුණ පොත්පත් පවා නොමැත. අභිසාරීගත නව මාධ්‍යයේ ඇති වාසිදායක තත්වයන් පිළිබදව ජනතාව නොදැනුවත්ය. ස්වකීය සන්නිවේදන අවශ්‍යතා අභිසාරීගත නව මාධ්ය ඔස්සේ වඩා ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටුකර ගතහැකි බවට ඔවුන්ගේ අවබෝධයේ ක්ෂේත්රය පුළුල් කළ යුතුය.

සොහොයුරු පෙම

මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්........... නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක්...