බැදීම්

















බැදීම් කියන්නේ හරි පුදුමාකාර  දෙයක්‘අපි අපේ ජීවිතේ පටන් ගන්න දවසේ ඉදලා එ් කියන්නේ අපි ඉපදුන දවසේ ඉදලා අද වෙනකම් අපි ජීවත් වෙන්නේ බැදීම් එක්ක. බැදීම් අපි ව ජීවත් කරවනවා. බැදීම් නැති ජීවිතය තුළ හිස් බවක් රැුදී තිබෙනවා.උපන් දා ඉදලා මොහොතින් මොහොත දවසින් දවස බැදීම් අපේ ජීවිතයට එකතු වෙනවා.

මේ ලෝකයේ අපිට මුලින් ම ඇතිවන බැදීම අපේ අම්මත් එක්ක.ඒ බැදීම ජීව විද්‍යාත්මකයි.මනෝ විද්‍යාත්මකයි.මවු කුස තුළ කළලයක් වශයෙන් ජීවත් වෙද්දී අපි අපේ අම්මා ව දෑසින් නොදුටුව ද මනසින් දකිනවා.මවටත් එසේමයි.තමන්ගේ කුස තුළ සිටින දරුවාගේ ස්වරූපය හැසිරීම මවට දැනෙනවා.මවගේත් දුක වේදනාව සතුට කුස තුළ සිටින දරුවාට දැනෙනවා.මේ බැදීම මිනිස් ලොකය තුළ පවතින හරි අපූරු බැදීමක්.
මවු කුසයෙන් එළියට ඇවිත් අපි දෑස් හැර ලෝකය දෙස බලන්න පටන් ගන්නවා.මුලින් ම අපි අපේ ජීවිතයේ වෙන් කළ නොැකි බැදිම ගොඩ නගා ගන්නේ අම්මයි තාත්තයි එක්ක. එය හදවතින් ම ඇති වන උතුරා යන ස්නේහයේ බැදීමයි.ඒත් සමග ගොඩ නැගෙන පවුල තුළ සහෝදර සහෝදරියන් සමග බැදීමක් ගොඩ නැගෙනවා.ලෝකයේ ඇති වන බැදීම්වලින් සමීපතම බැදිම වන්නේ පවුල තුළින් ගොඩ නැගෙන මුල් ම බැදීම් සමුදායයි.

මුලින් ම පුංචි පුංචි බැදීම්වලින් ගොඩ නැගෙන අපේ ජීවිතය කාලයත් එක්ක බැදීම්වලින් බැදුන ජාලයක් බවට පත් වෙනවා.සමාජයට පිය නැගූ දවසේ පටන් ඇසුරු කරන නොයෙක් චරිත සමග බැදීම් ඇති වෙනවා.
කාලයත් එක්ක යෞවනයේදි තවත් අපූරු බැදීමක් අපේ ජීවිතවලට එකතු වෙනවා.තවත් අලුත් බැදීම් ගොඩක ආරම්භය එයයි.තාරුණ්‍යයේ එළිපත්තේ සිටින තරුණ තරුණියන් ජීවන ගමනේ එක් ගමනාන්තයකදී සහකරුවෙක් හෝ සහකාරියක් එකතු කරගන්නවා.ඒත් සමග ගොඩ නැගෙන බැදීම ජීවිත කාලය පුරාවට ම පවත්වාගෙන යන්න වෙනවා.

ඇතමෙක් කියන්න පුලුවන් මේ ලෝකයේ හැම බැදිමක් ම තාවකාලිකයි.ජීවිතේ දවසක බැදීම්වලින් නිදහස් වෙලා යන්න වෙනවා කියලා.බුදු දහමට අනුව බැදීම් කියන්නේ සංසාර ගමන දිගු කරවන්නක්. අස්ථිර වූ දෙයක්. ඒත් මොහොතනක නැවතිලා සිතනකොට මට හිතෙනවා ජීවිතේ අපි ව ජීවත් කරවන්නේ බැදීම් කියලා. අපි වටා ගොඩනැගිලා තියන බැදීම් අපේ ජීවිතේ ජයග‍්‍රහණය සතුට කරා අපි වගෙන යනවා. ඒත් අපි ඇති කරගන්නා බැදීම් ගැන වරක් නොව සිය දහස් වරක් සිතිය යුතුමයි.සාර්ථකත්වය ෂතුට කරා මෙන් ම අසාර්ථකත්වය විනාශය කරා ගෙන යන්නත් මේ බැදිම්වලට පුලුවන්

බැදීම් ගොඩක් එක්ක ජිවත් වෙනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යක් නොවෙයි. ඒත් සමහර බැදීම්වලින් ජීවිතේ අපිට නිදහස් වෙන්න බෑ. ජීවිතේ අපි ඉදිරියට යන්න යන්න බැදීම්වලින් අපේ ජීවිතය පිරෙනවා.ඒ හැම බැදීමක් ම නිවරදි ව තෝරාගෙන බැදීම්වලට ආදරය කරමින් ගෞරව කරමින් ජීවිතේ ගෙනයාම තුළ ජීවිතේ අපි හොයන සතුට සැනසුම සාර්තකත්වය හිමි වේවි. 




2 comments:

සොහොයුරු පෙම

මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්........... නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක්...