බසයේ කවුළුව අද්දර සිටි මට සැනෙකින් මුදු පෙයාර්ස් සුවදක් දැනුනි. හිමිදිරි උදයේ සිසිල විදගත් වන ම මම හැරී බැලීමි. අදහන්න මා ලගම අසුනක බටිති කෙල්ලක සිනාසෙන්නේ ය.ඇගේ දෙනෙත් නිල්වන් තරු ය. මුහුණ තැඹිලි පැහැගත් සද ය. ලවන් යුග ඉදී රතු වුණ චෙරිය. මම අසීමිත ආශාවෙන් ඈ දෙස බැලීමි. ඇය හිස හරවා සිනාසෙද්දී ඈ හිස මත තිබූ නිල් වන් මල දෙපසට වැනේ..කොටට කොටේ ඇදගත් බටිති ගවුම ඕනෑවටත් වඩා හැඩ වූ නිසා මම අපමණ ලෙංගතුකමින් සිනාසීමි.
එ් දැරිය සැබවින් ම සොදුරු ය. ඇගේ මුතු වල කාන්තිය ලවන් අතරින් මෑත් වෙද්දී සියල් සිත්වල වලාකුළු පහ ව යන්නේ නොවේ ද? එහෙත් මෙම දියණිය හෙට පා නගන සමාජය කොතරම් රුදුරු වේද? මිනිස්කම නොදත් කාමාතුරයන් කී දෙනෙක් ඈ පසුපස හඹාවිද? වත්මන් සමාජයේ වන නොතේරුම් අභියස අද කෙසේ නම් ජීවිතය ගෙන යාවිද? තවමත් කිරි සුවද හමන තමා වටා ඇති බිහිසුණු ලෝකය ගැන මෙවන් දරුවන් කෙසේ අධ්‍යනයක යෙදෙන්නද? මල් කැකුළු අසීමිත ව තලා පෙලා දමන මෙවන් යුගයක අවසානය ගැන සිතන්නටවත් නොහැකි තරම් ය.
අතීතයේ මෙවැනි මව්වරුන් සිය දරුවා පාසල ඇරී එනතුරු බලා සිටින්නේ ඔවුන්ට කුසගිනි ඇතයි සිතමිනි. උන් ආ විගස සිප සනසා බත් කටක් කවා ගැනීම ඊලග අරමුණය.එහෙත් අද එසේ නැත.අද මව්වරුන් දරුවන් නිවසින් පිට වූ වෙලේ පටන් කල් මරන්නේ තම සුහුඹුල් දරුවන් යම්කිසි අපයොජනයකට ලක් වේවි දැයි බියෙනි. උදෑසන මලක් ව නිවසින් පිට වු දරුවාගේ පෙති ඉහිරවන්නට බලා සිටින රකුසු ඇස් සමාජයේ බොහෝ ය.
මේ සියල්ලට ම බලපාන යම්කිසි හේතුවක් ඇතයි මට සිතේ. සැබවින් ම මේ සමාජය වටහා ගැනීමට තරම් තරම් තීක්ෂණ බුද්ධියක් දරුවා සතු නැත.උන්ගේ වගකීම ඇත්තේ වැඩිහිටි පරපුර අතේ ම නොවේ ද? කුඩා කල සිට ම තම දරුවාට මනා වූ සංයමයක් සමාජය ගැන දැනුමක් ලබ දිය යුත්තේ වැඩිහිටියන් විසිනි.එහෙත් මෙය මෙසේ ම සිදුවේද? නවීන තාක්ෂනයේ දියුණුවත් සමග මව්පියවරුන් යාන්තී‍්‍රකරණයට මුසු වී හමාරය.දැන් දැන් නිවසින් පිටවන්නේ පියවරුන් පමනක් ම නොවේ. දැන් දරුවන්ගේ නැළවිලි ගිත ද වෙනස් කිරීම්වලට බදුන් විය යුතු ය. මුදල් ම ජීවිතය කොටගත් ආර්ථිකයක මවුපියවරුන් ද අසරණය. නමුදු මෙම දරුවන්ගේ ජීවිත මිල කළ නොහැකි නොවේද? උදෑසනම දරුවා පිබිදීමටත් පෙර නිවසින් පිටවන් මවුපියන් නිවසට පැමිණෙනුයේ රාති‍්‍ර ඇදිරියත් සමග ය. දවසේ ම යන්ත‍්‍ර සමග හැපී එන උන්ට කුමන දරු සුරතල් ය. දවසේ ම මෙහෙකාරිය සමීපයේ වන දරුවාට කොතරම් දුරට මවුපිය සෙනෙහස හිමි ද? දිවා දවස පුරාම දරුවාගේ මනස මොන මොන දේ කෙරෙහි යොමුවන්නට ඇද්ද? මවගේ දරු නැලවිල්ල නුහුරු දරුවා ඇතම් විට නිදියන්නේ සැර වැර ගුටි බැට වලිනි. මෙය ළමා සිතට මොන තරම් පීඩනයක් ද? සියුම් ව සිදු වන මෙම ළමා අපචාරය දරුවාගේ අනාගතයට මොන අයුරින් බලපාවි ද?
බොහෝ දරුවන්ට නව සියවසේ වෙනුවට ලැබෙන්නේ මුදල් ය.තම දෙමාපියන්ගෙන් ලබනා මුදල් හරිහැටි මෙහෙයවීමට නොදත් දරුවෝ බොහෝ විට සටකපට මිනිසුන්ගේ ගොදුරු බවට පත් වෙති.ඇතම් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට පාසල් දරුවන් නොසිදෙන උල්පත් ය. එමෙන් ම යෞවනයේ කුතුහලය පිරි ගවේෂණාත්මක සිත් ඇති දරුවන් බොහෝ පිරිසක් මුදලට විකිණෙන ගැහැණුන් පාෂයේ බැදෙන්නේ අසීමිත ව අත මුදල් ගැවසෙන නිසා ය. මුදල් ගැවසෙන දරුවා නගරයේ සැරිසරණ සුරූපිනියන්ට තවත් එක් ගණුදෙනුකරුවෙක් පමණි.
අපගේ ජීවය වන කුඩා දරුවන් මෙසේ අපචාරවලට ලක්වද්දී අපට උන් කෙරෙන් අනාගත සුබ සිහින දැකීම ද සිහිනයක් වනු ඇත.මේ නැවතී ඇති කිරි දෙතොල් වල සිනා බිදු අනාගතයේ අපගේ විනාශය කියාපාන්නේය. ඉදින් මේ පුංචි හිත් අග මොහොතකට නැවතී
මග හොදට තිබේ නම්
දෑසත් හොදට තිබේ නම්
නුඹ පරිස්සමින් පය තියපන්
බැදිවල නොගිහින්
අද මුහුණේ පියරු උලා සුවදවත් ව සිටිනා ළමා පරපුර සතු අනාගතය එ් අයුරින් ම සුවදවත් ව උන්ට දායාද කිරීම අප වෙනුවෙන් ම අප කළ යුතු අගනා මෙහෙයක් වනු ඇත.මහැගි සිතුවිල්ල නම් මව්වරුන්ට මව්කමත් පියවරුන්ට පියකමත් වැඩිහිටියන්ට වැඩිහිටිකමත් මනා ලෙස හැසිරවීමට මුල සිට හුරු කරවීමට එසේ දඩුවම් දිමට වඩා වටිනා බව ය.
wadagath lipiyak..
ReplyDeleteThanx dr
Deletenice one
ReplyDeleteTnx dr
Delete