
මහමෙරකට ආදරයක් හිතේ හිර කරන්
මා සිටියා ඔය රුව දැක කදුළු හිර කරන්
හිමි නැති පෙම ලුහු බැද බැද දුක් විදින තරම්
දුටු මගෙ සිත බිදුනා සිය දහස් වාරයක්
සංසාරෙන් සංසාරෙට අපේ ආදරේ
රන් දියවර සේ ගලා යයි හදේ ආදරේ
ඔබෙත් පළමු මගෙත් පළමු නොවුණ ආදරේ
එක් වෙන්නට පින් මදි ඇති අපේ ආදරේ
මල් පෙත්තක සුසිනිදු බව දැනුන දෙකොපුලේ
තොල් පෙතිවල දැවටුන මගෙ දෑත් සීතලේ
සුසුමක්වත් නොහෙලන ඔබෙ සුමුදු පපුතලේ
මියැදෙන්නම් තව බෑ මට ඉන්න තනිකමේ
උදේශි--
keep it up dr....
ReplyDeleteTnx dr
DeleteTnx dr
Delete